Negombo Municipal Council | Townhall Reservation - Instructions

  • අයදුම්පත පුරවන දින සිට දින 10ක් ඇතුලත අදාල සියළු මුදල් ගෙවිය යුතුය.

  • ඉහත ඉල්ලුම් කරන දිනය නොවැලක්විය හැකි හේතුවක් මත වෙනස් වුවහොත් එම දිනය අවලංගු කිරීම / වෙනත් දිනයක් ලබාගැනීම සඳහා වෙන් කල දිනයට දින 21 පෙර ඉල්ලුම් කළ යුතුය.

  • දින 21 කට පසුව අවලංගු කළහොත් ගෙවනු ලබන සියළු ගාස්තු වලින් 50%ක ගාස්තුවක් සභාවට අය කරනු ලැබේ.

  • දින 10 කට අඩු කාලසීමාවක් තුළ නගර ශාලාව වෙන් කිරිමට ඉල්ලුම් කළහොත් එදිනම මුදල් ගෙවීමට කටයුතු කළ යුතුය.

  • ඉල්ලුම් කර ඇති කාරණය සඳහා පමණක් නගර ශාලාව භාවිතා කළ යුතුය.

  • කිසිදු දේපලකට අලාභ හානියක් සිදු නොකළ යුතුය.

  • නගර ශාලාව භාවිතා කිරීමේදී ඔබ භාවිතා කරන බඩු බාහිරාදිය / ආහාර පාන නිසා ජනනය වන කුණු කසල දිරණ නොදිරන වශයෙන් නගර සභා භූමියේ තබා ඇති බදුන් තුළ නිසි පරිදි දැමීම හෝ අනවශ්‍ය සියලු අපද්‍රව්‍ය වෙනත් සුදුසු ක්‍රමයකට නගර ශාලාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුය.

  • වැඩසටහන පැවැත්වෙන දිනයට අමතරව පෙරහුරුව සදහා ඔබට දිනයන් අවශ්‍ය වේ නම් ඒ සඳහා මුදල් ගෙවා ඔබට අවශ්‍ය දිනයක් වෙන් කර ගත යුතුය.

  • ශාලාව පිළියෙළ කරගැනීම, භාණ්ඩ රදවා තැබීම් වැනි අවශ්‍යතා සඳහා වැඩසටහනට පෙර දිනය හෝ වැඩසටහන් පැවැත්වෙන දිනයේම පැය කිහිපයක් වෙන් කරගත හැකි අතර ඒ සඳහාද ඔබ විසින් ගාස්තු ගෙවා වෙන් කර ගැනීම කළ යුතුය.

  • ඉල්ලුම් කරන අමතර කාලයට අදාල දිනය වෙනත් වැඩසටහනක දිනයක් වුවහොත් එම වැඩසටහන අවසාන වූ පසු ලබා දිය හැකි කාල සීමාව පමණක් ලබා දෙන බැවින් එයට එකඟ විය යුතුය.

  • අමතරව අවශ්‍ය වන පැය ගණන තමා ඉල්ලුම් කළ දිනය නොවන විටදී එම දිනයට ආසන්න රාජකාරී දින 02කට පෙර මුදල් ගෙවා වෙන් කරගැනීම කල යුතුය.

  • පිටතින් ගෙනෙන සැරසිලි සවි කිරීම හැර ශාලාව තුල සැරසිලි නිර්මාණය කිරීම නොකළ යුතුය. උදා: කඩදාසි කැපීම / ගොක්කොල කැපීම / කෙසෙල් කඳන් කැපීම / රිජිෆෝම් ෂීට් කැපීම යනාදිය..

  • ශාලාව තුලට ආහාර පාන ගෙන ඒම, බෙදීම නොකළ යුතුය.

  • පසු තිරයට හානි වන කිසිදු දෙයක් සවි කිරීම නොකළ යුතුය.

  • කිසියම් දේපලකට අලාභ හානියක් සිදු වු අවස්ථාවකදී තැන්පතුවෙන් අය කරගැනීමට කටයුතු කරන බවත් සිදුවන අලාභය ගණනය කිරීමෙන් පසු එම මුදල ඔබ විසින් සභාවට ගෙවිය යුතුය.

  • සෙනසුරාදා සහ ඉරිදා දිනවලද, රජයේ නිවාඩු දිනවලද නගර ශාලාව වෙන් කිරීම සිදුකළ හැකිය. ඉන්පසුව පැමිණෙන හෝ රාජකාරී දිනයක අනුමැතිය ලබාදෙනු ලැබේ.

  • තැන්පත් මුදල ආපසු ලබා ගැනීම සඳහා මුදල් ගෙවන ලද ලදුපතෙහි මුල් පිටපත (Original copy of receipt) වැඩසටහන අවසන් වූ පසුව ලබා ගැනීම සඳහා ඉල්ලීම් ලිපිය සමඟ සභාව වෙත භාරදීමට කටයුතු කරන්න.

  • තැන්පත් මුදල් ගාස්තු (Deposit Fee), ආරක්‍ෂක ගාස්තු (Security Fee), විදුලි ගාස්තු (Electricity Fee), A/C සඳහා VAT අයකළ යුතු නැත.

  • ශාලා ගාස්තු හා අමතර ගාස්තු පමණක් 18% ක වැට් බදු මුදලක්ද අය කරනු ලැබේ.

(පැය 08 ක් සදහා)

කාණ්ඩය ගාස්තුව (රු.)
නාට්‍ය, සංගීත, ප්‍රසංග, ප්‍රසිද්ධ රැඟුම්, සිනමා දර්ශනයක් සඳහා 20000.00
විවාහ මංගල උත්සවයක් සඳහා නගර සභා සීමාව තුල / නගර සභා සීමාවෙන් පිටත 20000.00
25000.00
කල එළි දැක්මක් 15000.00
චිත්‍ර / පොත් ප්‍රදර්ශනයක් 10000.00
වාණිජ්‍ය ප්‍රදර්ශනයක් / වාණිජ්‍ය අරමුණු පෙරදැරි කරගත් වැඩසටහනක් 20000.00
අධ්‍යාපනික වැඩසටහනක් 10000.00
පෙරහුරුවක් සඳහා 10000.00
රූපලාවන්‍ය ප්‍රදර්ශනයක් 20000.00
ත්‍යාග ප්‍රදානොත්සවයක් 20000.00
රැසවීම් / සුහද හමුවක් 15000.00
අත්කම් ප්‍රදර්ශනයක් 15000.00
ජාත්‍යන්තර පෙර පාසල් සදහා / පෙරහුරුවක් සඳහා 15000.00
පෙර පාසල් සදහා / පෙරහුරුවක් සඳහා 10000.00
ආගමික වැඩසටහනක් 10000.00
දේශපාලන උත්සවයක් 75000.00
ආබාධිත රැස්වීම 5000.00
විදුලි ගාස්තු වෙනුවෙන් 4000.00
ආරක්ෂක ගාස්තු වෙනුවෙන් 3000.00
තැන්පත් මුදල 20000.00
වායු සමනය ගාස්තු (පැයකට) 8000.00

අමතර පැය සඳහා

5000.00 - 10000.00 ➜ 1000.00

10000.00 - 20000.00 ➜ 2000.00

20000.00 ට වැඩි ➜ 2500.00


ඉහත සඳහන් කොන්දේසි වලට එකඟ වෙමි. මෙහි සඳහන් නොවන කරුණක් සම්බන්ධයෙන් අවසාන තීරණය නගරාධිපති / නාගරික කොමසාරිස් සතු වන බව දැනුම් දෙමි.

ඉහත තොරතුරු සහ අදාළ උපදෙස් වලට එකඟ වෙමි.