ඉල්ලුම්පත්‍ර සඳහා උපදෙස් | Instructions

මෙම අන්තර්ජාල යෙදවුම මගින් නිවසේ සිටම නගර සභාවට පැමිණීමෙන් තොරව ඔබට අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ලබා ගත හැක.


අන්තර්ජාලීය අයදුම් කිරීමේ ක්‍රියාවලිය - වීථිරේඛා

සේවා ලාභියා විසින් ඉදිරිපත් කල යුතු තොරතුරු, ලේඛන හා උපදෙස්

  • අයදුම්පත සම්පුර්ණයෙන් නිවැරදිව සම්පුර්ණ කල යුතුය. ඉංග්‍රීසි හෝ සිංහල භාෂාව මේ සඳහා යොදා ගත හැක.
  • තොරතුරු නොමැති අවස්ථාවල "Save as Draft" ලෙස අයදුම්පත තාවකාලිකව පුරවා නැවත පිරවීම සඳහා භාවිතා කල හැක.
  • වීථී රේඛා සහතිකය අවශ්‍ය ස්ථානයේ පිඹුරුපතේ පැහැදිලි පිටපතක් ඉදිරිපත් කළ යුතු අතර එම පිඹුරුපතේ වූ තොරතුරු මත පදනම්ව වීථී රේඛා සහතිකය නිකුත් කරනු ලැබේ.
  • වීථීරේඛා සහතිකය නිකුත් කිරීම සදහා ඉදිරිපත් වන මිනින්දෝරු සැලැස්ම ,
    • අනුමත මිනින්දෝරු සැලැස්මක් නම්, ඒ සදහා වීථීරේඛා සහතිකයක් නිකුත් කල හැකිය .එය වසර 20 කට වඩා පැරණි නම් මායිම් නිවැරදි බවට මිනින්දෝරු සටහනක් ලබා ගත යුතුය.
  • අනුමත මිනින්දෝරු සැලැස්මක් නොවේ නම්,
    • එය වසර 10 කට අඩු කාලයක් තුල අදින ලද්දක් නම් වීථීරේඛා සහතිකයක් නිකුත් කල හැකිය.
    • එය වසර 10-20 අතර පැරණි කාලය තුල අදින ලද්දක් නම් මායිම් නිවැරදි බවට මිනින්දෝරු සටහනක් ලබා ගත යුතුය.
    • වසර 20 කට වඩා පැරණි මිනින්දෝරු සැලසුම් භාර නොගැනිමටත් ඒ සදහා නැවත මැන සකස් කරන ලද නව මිනින්දෝරු සැළැස්මක් ලබා ගැනිමටත් කටයුතු කල යුතුය.
  • වීථීරේඛා සහතිකයේ මුල් පිටපත පැමිණ රැගෙන යා යුතුය. එසේ නොමැතිනම් ඔබගේ ලිපිනයට තැපැල් කරනු ලැබේ .තැපැල් කරන්නේනම්, ඒ සදහා ගාස්තු අය කිරීම සිදුවේ.
  • වීථීරේඛා සහතිකය අවශ්‍ය ස්ථානයේ වරිපනම් වාර් තාව ඉදිරිපත් කළ යුතුය.
  • අදාල වර්ෂය දක්වා වරිපනම් ගෙවා තිබිය යුතු අතර, වරිපනම් ගෙවා නොමැති නම්, මෙම සේවාව ලබා ගත නොහැක.
  • මෙම සේවාව සඳහා රු.2000.00 ක ගාස්තුවක් සහ වැට් මුදල රු.360.00 ගෙවිය යුතුය.
  • වීථි රේඛා සහතිකය තැපැල් කරන්නේනම් ඒ සදහා ගාස්තුව රු.110.00 ක් මුදලක් ගෙවිය යුතුය.
  • ව්‍යාජ තොරතුරු ඇතුලත් කිරීමෙන් ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප විය හැකි අතර, ගෙවන ලද මුදල නැවත ගෙවීමක් සිදු නොකරයි.
  • ගෙවීම කල හැක්කේ Credit, Debit කාඩ්පත් වලින් පමණි.
  • සහතිකය අවශ්‍ය වරිපනම් අංකය තෝරා ගැනීමේදී නිවැරදි වරිපනම් අංකය තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.


  • දේපල හිමිකරු විසින් නොපවරා ගැනීමේ සහතිකයක් ලබා ගැනීම් අයදුම්පත නිවැරදිව සම්පුර්ණ කර තිබීම.

  • ඉල්ලුම්කරු හිමිකරු නොවේ නම් හිමිකරුගේ නම නිවැරදිව සටහන් කල යුතුය.

  • නොපරවා ගැනීමේ සහතිකයට අදාල දේපල සඳහා සම්පුර්ණ හිඟ මුදල් ගෙවා නිම කල යුතුය.

  • නොපරවා ගැනීමේ සහතිකය සඳහා රු. 750 + VAT +30 වෙනත් 915 ක මුදලක් අය කරනු ලබයි.

  • සහතිකය අවශ්‍ය කාරණය සඳහන් කල යුතුය.

  • රජයේ දේපල හා අයිතිකරු ලෙස වරිපනම් ලේඛනයේ නම සඳහන් වී ඇත්නම් නොපවර ගැනීමේ සහතිකය නිකුත් කරනු නොලැබේ.

  • තැපැල් මගින් නොපවරා ගැනීමේ සහතිකය ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඔබ විසින් තැපැල් ගාස්තු ද ගෙවිය යුතුය.


  • Obtaining a certificate of non-possession by the property owner having correctly completed the application.

  • If the applicant is not the owner, the name of the owner should be entered correctly.

  • Full payment of arrears for the property in respect of the Non-Default Certificate shall be completed.

  • For Non-Default Certificate Rs. 750 + VAT +30 other amount of 915 will be charged.

  • The certificate should state the matter for which it is required.

  • Non-occupation certificate will not be issued if the name is mentioned in the assessment document as Government property and owner.

  • You will also have to pay the postage if you want to collect the non-receipt certificate by post.