උපදෙස් පිටුව | Instructions Page


  • නම, ලිපිනය පැහැදිලිව සදහන් කරන්න.

  • නිවැරදිව දුරකථන අංකයක් සඳහන් කරන්න.

  • සේවාව ලබා ගත යුතු ස්ථානයේ ස්වභාවය නිවැරදිව සඳහන් කල යුතුය.

  • මීගමුව නගර සීමාවේද, සීමාවෙන් පිටද යන්න සඳහන් කිරීම අනිවාර්ය වේ.

  • සේවාව ලබාදියයුතු වාහනය වැසිකිළි වලෙහි ප්‍රමාණය අනුව නිවැරදිව සඳහන් කරන්න.

  • අවශ්‍ය බට ප්‍රමාණයේ දිග සඳහන් කරන්න. (වැසිකිළි වලෙහි සිට ගලි රථය නැවැත්විය හැකි ස්ථානයට ඇති දුර - උපරිම අඩි 150)

  • සේවාව ලබාදීමේදී නිවසේ සාමාජිකයෙකු රැදී සිටීම අනිවාර්ය වේ.

  • සේවාව ලබාදීමට පැමිණීමේදී ගලි රථය සම්පුර්ණයෙන්ම හිස්ව ඇත්ද යන්න සොයා බැලීමට ඔබට හැකියාව ඇත. (ටැංකියේ කරාමය විවෘත කිරීමට සේවකයන්ට දැනුම් දීම.)

  • වැසිකිළි අපජල වලෙහි පස් පිරී ඇත්නම් එය ඔබ විසින් පුද්ගලිකව ඉවත් කල යුතුය.

  • අපජලය පමණක් ඉවත් කරනු ලබයි.(රොන් මඩ, වැලි, පස් ඉවත් කිරීමට හැකියාවක් නොමැත)

  • පස් පිරී ඇති වලවල් ගලි රථය මගින් අස් නොකරන අතර, ඔබ ගෙවූ මුදල්ද ඔබට නැවත ලබා දෙනු නොලැබේ. එවැනි අවස්ථාවක මුදල් ගෙවූ දින සිට වර්ෂයක කාලයක් තුල මෙය නැවත ඉටු කරගත හැක.

  • ගලි රථ සේවා සඳහා ගාස්තු වරින් වර සභාව විසින් ගන්නා තීරණ අනුව සංශෝධනය විය හැක.

  • සේවාව සපයනු ලබන්නේ පොරොත්තු ලේඛනයට අනුවය.

  • වාහන නඩත්තු කටයුතු, කාළගුණික විපර්යාසයන් හා තීරණ මත ඔබ සඳහන් කරන දිනයට සේවාව ලබා දීමට බාධක ඇති වීම සිදු විය හැක.

  • වැසිකිලි වලෙහි උඩ පියන විවෘත කිරීමේදී අලාභ හානියක් සිදු වුවහොත් වගකීම ඔබ විසින් භාරගත යුතුය.

  • ගලි රථ සේවාව ඉරිදා දින ලබා ගත නොහැක.

  • ඔබ විසින් ව්‍යාජ තොරතුරු සඳහන් කර ඇත්නම් සේවාව ලබා දෙනු නොලැබේ. අය කරන ලද මුදල්ද නැවත ලබා ගත නොහැක.

  • සේවා කටයුතු සඳහා විමසීම් 031-2222262