Application Instructions Page | ඉල්ලුම් පත්‍ර උපදෙස් පිටුව

    1. ගොඩනැගිල්ලක් / ව්‍යාපාර ස්ථානයක් භාවිතයෙන් තොරව වසා ඇති විට මහා නගර සභා ආඥා පනතේ 240 වගන්තිය අනුව බදු සහන ලබා ගැනීමට හැකියාව ඇත.

    2. ඒ සදහා සෑම කාර්තුවකම පළමු මස 15 දිනට පෙර බදු සහන අයදුම් පත්‍රය සම්පුර්ණ කර ඉදිරිපත් කල යුතුය.

    3. ප්‍රමාද වී බදු සහන අයදුම් කරන්නේ නම් අයදුම්පත සමඟ ව්‍යාපාරය වසා දමා ඇති කාලය තහවුරු කර ගැනීමට අදාළ ග්‍රාම නිළධාරි සහතිකය, වසා දමා ඇති කාලය තුළ විදුලිය භාවිතා කර නොමැති බවට විදුලි වාර්තාව කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.

    4. ඔබගේ අයදුම්පත ලැබුණු පසු ආදායම් පරීක්ෂක විසින් ස්ථානීය පරීක්ෂාවක් සිදුකර ලබා දෙන වාර්තාව පදනම් කරගෙන සම්පූර්ණ හිස් කර ඇති ගොඩනැඟිලි සඳහා මහ නගර සභා ආඥා පනතේ 240 (I) වගන්තිය යටතේ සම්පූර්ණ බදු සහනද (ඒ අවස්ථාවේදී හිස් ඉඩමක් සේ සලකා බදු අයකිරීමට කටයුතු කරනු ලබයි) භාණ්ඩ සහිතව වසා ඇති ගොඩනැඟිලි සඳහා මහ නගර සභා ආඥා පනතේ 240 (II) වගන්තිය යටතේ 50% බදු සහන ද හිමිවේ.

    5. මහ නගර සභා ආඥා පනතේ 266 (1) වගන්තිය අනුව දිළිඳු භාවය මත බදු සහන ඉල්ලුම් කිරීමට හැකියාව ඇති අදාළ වර්ෂය තුළදී ඒ සඳහා අයදුම්පත, ග්‍රාම නිළධාරි වාර්තාව, සමෘද්ධි ලාභියෙකු නම් ඒ බව තහවුරු කිරීමට අදාළ කාඩ්පත වෛද්‍ය වාර්තා මත බදු සහන ඉල්ලන්නේ නම් රෝග නිශ්චය කාඩ්පත සභාවට ඉදිරිපත් කළ යුතුයි.

ඉහත තොරතුරු සහ අදාළ උපදෙස් වලට එකග වෙමි.