Application Instructions Page | ඉල්ලුම් පත්‍ර උපදෙස් පිටුව


  • දේපල හිමිකරු විසින් වරිපනම් වාර්තා අයදුම්පත්‍රය නිවැරදිව සම්පුර්ණ කර තිබිය යුතුයි.

  • ඉල්ලුම්කරු හිමිකරු නොවේ නම් ඊට හේතුව පැහැදිලිව සදහන් කර ඔහුගේ සම්පුර්ණ තොරතුරු අයදුම්පත්‍රයට ඇතුලත් කළ යුතුයි.

  • වරිපනම් වාර්තාව අවශ්‍ය දේපලට අදාළ සම්පුර්ණ හිඟ මුදල ගෙවා නිම කළ යුතුය.

  • වරිපනම් වාර්තාවක් සඳහා රු:500/- ක මුදලක් සහ VAT බදු 18% ක් ( රු:90 ක්)අය කරනු ලබයි.
    (මෙම මුදල සංශෝධනය විය හැක.)

  • වරිපනම් වාර්තාව ලබා ගන්නා කාරණය පැහැදිලිව සඳහන් කළ යුතුයි.

  • නඩු කටයුතු සදහා වරිපනම් වාර්තාවක් අවශ්‍ය වු විට නඩු අංක සඳහන් කරමින් නිතීඥවරයෙකු මගින් අයදුම් කළ යුතුය.

  • අදාළ දේපලේ අයිතිය අයිතිකරු/මහා නගර සභාව/මහා කොළඹ ආර්ථික කොමිසම් සභාව/රජය/අයිතිකරු හිමිකම් කියයි ලෙස සදහන් වන්නේ නම්.ඔප්පුවක් ඉදිරිපත් කර අයිතිය සනාථ කරන තෙක් අන්තර්ජාලය මඟින් ඉල්ලුම් කිරීමට අවස්ථාව නොලැබේ.

  • තැපැල් මගින් වරිපනම් වාර්තාව ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඔබ විසින් තැපැල් ගාස්තු ද ගෙවීය යුතුය.