Application Instructions Page | ඉල්ලුම් පත්‍ර උපදෙස් පිටුව


  • දේපලෙහි අයිතිකරු විසින්ම ඉල්ලුම්පත්‍රය සම්පුර්ණ කල යුතු අතර වරිපනම් අංකය පාර හා දේපල විස්තරය නිවැරදිව සඳහන් කල යුතුය.

  • නව අංකයක්/ නව තක්සේරුවක් ඉල්ලීමට හේතුව පැහැදිලිව සඳහන් කල යුතුය.

  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත් 01 ක් හා නව අංක ලබා ගැනීමට අදාල දේපලට අයත් නිවාස සැලසුමෙහි අනුමත ඡායා පිටපතක් ඉදිරිපත් කල යුතු අතර අනුමත ගොඩනැගිලි සැලැස්මක් නොමැති විට ඒ බව සඳහන් කර ලිපියක් ඉදිරිපත් කල යුතුය.

  • එක් අංකයක් සඳහා රු.1000.00 ක් හා එකතු කල අගය මත බදු මුදල ලෙස රු.180 ක් අය කරනු ලබයි.
    (මෙම මුදල සංශෝධනය විය හැක.)

  • තැපැල් මගින් නව අංක ලබා ගැනීමේ ලිපි ගෙන්වා ගැනීමේදී තැපැල් ගාස්තු ගෙවිය යුතුය.

  • අයිතිකරු රජය ලෙස සඳහන් නව අංකයක් ලබා ගැනීම සම්බන්ධ විරුද්ධත්වයක් නොමැති බවට ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේඛම් විසින් කැමැත්ත ප්‍රකාශිත ආකෘති පත්‍රයක් ඉදිරිපත් කල යුතුය.