උපදෙස් පිටුව | Instructions Page


  • නිකුත් කරන ලද ගිනි ආරක්ෂණ සහතිකය වලංගු වන්නේ අවුරුදු එක් සදහා පමණි. අදාල කාල සීමාව අවසන් වූ පසු එය නැවත අලුත් කළ යුතුය.

  • වැඩි විස්තර 031-2224063/ 031-2281110 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැක.

  • යම් කරුණක් සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය මීගමුව මහ නගර සභාව සතුය.

  • ව්‍යාපාර අධීක්ෂණ ගාස්තු ලෙස රු. 5000 ක් ද, උපදේශක ගාස්තු ලෙස රු.1500 ක් ද අය කරයි. ඒ අනුව බදු ගාස්තු ද එකතු වේ.(18% වැට් බදු ප්‍රතිශතය)

  • ගිනි නිවීමේ සේවා ඒකකයේ සිට අදාල ආයතනයට දුර සඳහා ප්‍රවාහනයට ගමන් ගාස්තුව ලෙස කිලෝමීටර් 1ක් සඳහා රු.100.00 ක මුදලක් අය කෙරේ.
    (කිලෝමීටර් ප්‍රමාණය ගණනය කරනු ලබන්නේ අදාල ස්ථානයට යාමට හා ඒමට ඇති දුර ප්‍රමාණය අනුව වේ.)

  • අයදුම්පත සම්පුර්ණ කිරීමේදී ගොඩනැගිල්ලේ සැලැස්ම ඇමිණිය යුතු බව කරුණාවෙන් සලකන්න.

  • ගිනි ආරක්ෂණ සහතිකය නිකුත් කරන අවස්ථාවේදී ඒ සදහා රු. 20,000 ක මුදලක් ගෙවීමට අවශ්‍ය වේ. (18% වැට් බදු ප්‍රතිශතය)

  • සභාව විසින් අය කරන ගාස්තු කලින් කලට සංශෝධනය කරනු ලබයි.

  • ඔබට ගිනි ආරක්ෂණ සහතිකය නිවසටම ගෙන්වා ගැනීමට නම්, රු.200 තැපැල් ගාස්තු ලෙස ගෙවීමට අවශ්‍ය වේ.

  • ඔබගේ ගිනි ආරක්ෂණ සහතිකය නිකුත් කිරීමේ ක්‍රියාවලිය අයදුම්පත්‍රයේ තත්ත්වය(Status) අනුව වෙනස් වේ. කරුණාකර පහත වගුව බලන්න.
තත්වය (Status) තොරතුරු
Pending ඔබගේ අයදුම්පත බලන්න, අවශ්‍ය වෙනස්කම් කරන්න, සුරකින්න, සහ ගෙවීම සමඟ ඉදිරියට යන්න.
Paid for Inspection කරුණාකර ඔබගේ පරිශ්‍රය පරීක්ෂා කරන අධීක්ෂකවරයෙකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින්න.
Assigned ඔබගේ අයදුම්පත, අධීක්ෂක විස්තර සමඟ යාවත්කාලීන කෙරේ. කරුණාකර පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් වන තෙක් රැඳී සිටින්න.
Hold ඔබගේ ගැටළු නිරාකරණය කර ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින්න.
Approved ඔබට ගිනි ආරක්ෂණ සහතිකය සඳහා ගෙවීම් කළ හැකිය.
Rejected ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
Paid for Certificate ඔබගේ ඉල්ලීම් විස්තර, ගෙවීම් විස්තර සමඟ යාවත්කාලීන කෙරේ.
Issued ගිනි ආරක්ෂණ සහතිකයක් නිකුත් කර ඇත.