Application Instructions Page | ඉල්ලුම් පත්‍ර උපදෙස් පිටුව


  • ඔප්පු සාරාංශ පත්‍රය සමග අයදුම්පත අනිවාර්යයෙන්ම ඉදිරිපත් කල යුතුය.

  • අයදුම්පත්‍රය සම්පුර්ණ කිරීමේදී ඔප්පුවේ ස්වභාවය (සින්නක්කරය/ විකුණුම්/ තෑගි ) පැහැදිලිව සටහන් කරවා ගත යුතුය.

  • අදාල දේපල වෙනුවෙන් සභාවට ගෙවිය යුතුව ඇති සියලුම වරිපනම් බදු මුදල් ඔප්පු සාරාංශ පත්‍රය කාර්යාලයට භාර දීමට ප්‍රථම ගෙවා නිමකළ යුතුය.එසේ ගෙවනු නොලැබුවහොත් ඔබගේ අවශ්‍යතාවය ඉටු නොවනු ඇත. මෙහිදී, මානක සැලැස්මට අනුව මායිම ලිවිය යුතුය.

  • නිවැරදිව වරිපනම් අංකය හා මාවත/ පාර/ වීදිය ඔප්පු සාරාංශ පත්‍රයේ සටහන් කල යුතුය.

  • දින 10ක් තුල ඔබගේ අවශ්‍යතාවය ඉටු නොවන්නේ නම් කාර්යාලයට පැමිණ නාගරික ගණකාධිකාරී දෙපාර්තමේන්තුවේ වරිපනම් මුලික හමුවන්න.මෙහිදී, නම සංශෝධනය කරනුයේ මුළු දේපලේම හිමිකරු ලෙස නම් "සම්පුර්ණ" ලෙස, නම සංශෝධනය කරනුයේ සම්පුර්ණ දේපලින් කොටසක් හිමිකරු ලෙස නම් "කොටස" ලෙස ද නීතිඥවරයා ලවා සම්පුර්ණ කරගත යුතුය.

  • ඔප්පු සාරාංශ පත්‍රයේ සඳහන් ඔප්පුවේ ස්වභාවය අනුව නම ලේඛන ගත කිරීම පිණිස කරනු ලබන ලියාපදිංචි කිරීමේ ගාස්තුවක් ඔප්පු සාරාංශ පත්‍ර භාර දෙන අවස්ථාවේදී ගෙවා නිම කල යුතුය.

  • ඔප්පු සාරාංශ පත්‍රයේ කිසියම් නිවැරදි කිරීමක් හෝ වෙනස් කිරීමක් කල අවස්ථාවක එම ස්ථානයේ නම අත්සන් නීතිඥවරයා හෝ නොතාරිස්වරයා ලවා එම වෙනස් කිරීම තහවුරු කල යුතුය.

  • අයදුම්පත්‍රය (නීති නිලධාරී) ලබා ගැනීම සඳහා ඉල්ලුම්කරු විසින් එම මුදල ගෙවා ආයතනය දැනුවත් කල යුතුය.

  • සැලකිය යුතුයි:- 2013/ 03/ 31 දිනෙන් පසු ලියාපදිංචි කරන ලද තෑගි හා සින්නක්කර ඔප්පුවල මුද්දර ගාස්තු නිසියාකාරව ගෙවූ බවට බස්නාහිර පළාත් අදායම් දෙපාර්තමේන්තුවෙන් සහතික කිරීම අනිවාර්යය වේ
    බස්නාහිර පළාත් අදායම් දෙපාර්තමේන්තුවෙන් සහතික කිරීමේදී රැගෙන යා යුතු ලියකියවිලි
    (පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය කාර්යාලය, කච්චේරි සංකීර්ණය, බැන්ඩියමුල්ල. දුරකථන අංකය - 0332226530)
    • මුල් ඔප්පුව / කලින් ඔප්පුවේ පිටපත
    • වර්තමාන ඔප්පුව(Original Copy)
    • ඉඩමේ සැලැස්මේ පිටපත් 01
    • ගොඩනැගිලි සැලසුම් පිටපත් 01
    • වරිපනම් බිල්පත් 01
    • මාර්ග විස්තරය



  • සටහන් : අයදුම්පත සමග පහත සඳහන් ලේඛන අනිවාර්යයෙන්ම ඇමිනිය යුතු වේ. නැතහොත් අයදුම්පත ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත. එවිට අයදුම්කරු විසින් නැවත අයදුම්පත පිරවිය යුතුය.

    • නව හිමිකරුගේ / වර්තමාන හිමිකරුගේ හැඳුනුම්පතේ ඡායා පිටපතක්

    • නීතිඥවරයෙකු සහතික කල ඉඩමේ මානක සැලැස්ම

    • නීතිඥවරයෙකු සහතික කල ඉඩමට අදාල අයිතිය හිමි වූ ඔප්පු

    • ඔප්පු සාරාංශ පත්‍රයේ දීමනාකරුගේ නම හා වරිපනම් ලේඛනය අනුව සඳහන් වන නම නොගැලපේ නම් වරිපනම් ලේඛනයේ සඳහන් නමට අයිතියක් නොමැති බවට නීතිඥවරයෙකු ලවා සඳහන් කරගත යුතු අතර පෙළපත් සටහනක් ඉදිරිපත් කල යුතුය. වරිපනම් ලේඛනයේ නම "අයිතිකරු" ලෙස සඳහන් වේ නම් වසර 30ක පෙළපත් සටහනක්

    • ඔබ විසින් ඉදිරිපත් කරන ඔප්පුවට අදාලව ජිවිත භුක්ති අයිතිය පවතී නම්, එම ජිවිත භුක්ති හිමිකරු/ හිමිකරුවන් ජිවත් ව සිටී නම් වරිපනම් ලේඛනයේ නම සංශෝධනය පිලිබඳ ඔවුන්ගේ විරෝධතාවයන් නොමැති බවට ප්‍රකාශයක් හා ජිවිත භුක්ති හිමිකරු/ හිමිකරුවන් ජීවත්ව නොසිටී නම් මරණ සහතිකය


  • ලේඛන ස්කෑන් කර නගර සභාව වෙත යොමු කරන්නේ නම් මුද්‍රණ ගාස්තු ලෙස රු.500 ක් අය කරනු ලැබේ. එසේ නොමැතිනම් ඉල්ලුම්කරු විසින් දින 10ක් තුල අදාල ලේඛන කාර්යාලය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවීමට කටයුතු කල යුතුය.