දැක්ම
“ජනසෙත සලසන ලොව සැම අගයන පිවිතුරු සුන්දර පුරවරයක්.”
මෙහෙවර
මීගමුව පුරවරයේ ඓතිහාසික පෞඩත්වය හා සොබා දහමේ සුන්දරත්වය ආරක්ෂා කරගනිමින් දිවයිනේ ආකර්ෂණීයම නගරය බවට පත්වීම සඳහා රජයේ යහපාලන ප්‍රතිපත්ති වලට අනුකූලව පුරවැසි ජනතාවට තෘප්තිමත් වියහැකි උසස් ජීවන තත්වයක් ළඟා කර දීම උදෙසා පෞද්ගලික අංශය සමඟද මිත්‍රශීලිව සභාව සතු භෞතික හා මානව සම්පත් නිසි කළමනාකාරිත්වයක් යටතේ යොදවමින් උපරිම සේවයක් ලබා දීම.
අන්තර්ජාල සේවාවන් ලබාදීම
මීගමුව මහා නගර සභා සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඉතා ඉක්මනින් හා පහසුවෙන් මහා නගර සභාවෙන් ඉටු වන කටයුතු ඔබට ඉටු කර ගැනීමට මෙම සේවය ඔස්සේ හැකියාව ඇත. ඵලදායි ලෙස කඩිනමින් හා පහසුවෙන් මෙම සේවය ඔස්සේ වරිපනම් ගෙවීම්, ශ්‍රවනාගාරය, භූමදාන, ගලි බවූසරය ආදිය මුදල් ගෙවා වෙන් කරවා ගැනීමටද, අන්තර්ජාලය හරහා සියලුම ඉල්ලුම්පත්‍ර භාගත කර ගැනීමට ද හැකියාව ඇත. එමෙන්ම මහා නගර සභාවේ තොරතුරු මෙන්ම සියලු සේවාවන් පිලිබඳ විස්තර ක්ෂණිකව බලා ගැනීමට හැකියාව ඇත. වීදි පහන්, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම්, සෞඛ්‍ය අංශය හා වෙනත් කරුණු සම්බන්ධ පැමිණිලි පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. ඒ අතර යෝජනා ද ඉදිරිපත් කිරීමට හැකියාව ඇත අමතරව මහා නගර සභාවකින් සිදුවන අනෙකුත් කටයුතු සඳහා අන්තර්ජාල සේවාවන් හදුන්වා දී ඇත.
අන්තර්ජාල සේවාවන් සඳහා පිවිසීමට ➜➜
පුවත් සහ දැන්වීම්
රාජපක්ෂ උද්‍යානය - මීගමුව
රාජපක්ෂ උද්‍යානය යනු ඓතිහාසික මීගමුව පුරවරයේ, සුන්දරත්වය ඔප්නංවන පාරිසරික විවිධත්වයෙන් සපිරි ස්ථානයක් ලෙස මීගමුව රාජපක්ෂ උද්‍යානය දැකගත හැකිය. මීගමුව මහා නගර සභාව මඟින් පාලනය වන මෙය ඇවිදින මංතීරු, ළමා උද්‍යානයක්, උත්සව අවස්ථාවන් වලට ජායාරූප ගැනීම, දර්ශණ තල යන විශේෂාංග රැසකින් සමන්විත වේ. නිස්කලංක, මනස්කාන්ත වු මෙම ස්ථානය විවිධ රුක්ෂයන්, මල් විශේෂයන්ගෙන් ද පිරී තිබේ. ගතට මෙන්ම සිතටත් සහනයක් අස්වැසිල්ලක් ගෙන දෙන මෙම ස්ථානය ස්භාවධර්මයේ අපුරු තෝතැන්නකි.
වසරේ දින 365 උදැසන 6.00 සිට ප.ව 6.00 දක්වා මෙම ස්ථානය ඔබ වෙනුවෙන් විවෘතව පවතියි.
Site Visitor Countor:
අපගේ උප කාර්යාල හා ශාඛා කාර්යාල
නගරයේ නැරඹිය හැකි සුවිශේෂී ස්ථාන
--
අඟුරුකාරමුල්ල විහාරය (බෝධිරාජරාමය)
--
මහවීදිය ශාන්ත මරියා දේවස්ථානය
--
මුත්තුමාරි අම්මාන් කෝවිල
--